aithiya
Human Rights News
- Website
- aithiya.lk · all feeds from this site
- Feed URL
https://www.aithiya.lk/feed/
Read it in your FeedListing reader
Or add to: Feedly Inoreader Raw feed
Latest posts
-
වසර 7කට පසු බැඳුම්කර නඩුව පූර්ව නඩු විභාගයට!
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව වසර හතකට පමණ පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන ජනවාරි 28 වන දා කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (02)…
-
දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියා වෙඩි වැදී මරුට!
මහනුවර, පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) රාත්‍රී 8.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි රිමාන්ඩ්…
-
සැකකරුවන්ට වධහිංසා කර පාපොච්චාරණ ලබා ගැනීම උත්සහ නොකළ යුතුය! – පොලිස්පති
සැකකරුවන්ට සැකකරුවන් ලෙස පමණක් සලකන ලෙසත්, පෞද්ගලික තීන්දු තීරණ ගැනීමෙන් වළකින ලෙසත් පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍යාංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන්…
-
ලාල් විජේනායක! – හිටපු කතානායක කරු ජයසූරිය
ලාල් විජේනායක යනු හුදු නීතිඥයෙකු පමණක් නොව, අපේ රටේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සැබෑ යුග පුරුෂයෙකි. අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සමඟ එක්ව, සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම සකස් කිරීමට එතුමා දැක්වූ අද්විතීය…
-
දේශපාලනඥයන් 20කට ආසන්න පිරිසකගේ විමර්ශන ලිපිගොනු අල්ලස් කොමිසමට!
හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් 20කට ආසන්න පිරිසකට අදාළ විමර්ශන ලිපිගොනු පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී තිබේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන්…
-
බලයේ සදාකාලික මුළාව සහ පුරවැසියාගේ ගෙලට වැටෙන නීතිමය තොණ්ඩුව: ප්රජාතන්ත්ර විරෝධී නීති සම්පාදකයන්ට ඉතිහාසයෙන් පාඩමක් – අජිත් පැරකුම් ජයසිංහ
දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට පුරවැසියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් සිරගත කිරීමට යොදාගත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහමුලින්ම අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේය. එහෙත් අද…
-
ආසියාකරය පුරා මානව හිමිකම් සුරැකි යුග පුරුෂයා දිවිසැරිය නිමා කරයි.
දශක හතරකට වැඩි කාලයක් ආසියානු මානව හිමිකම් අරගලය, වධහිංසා වින්දිතයන්, අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයන්, නීතිඥයන් සහ බිම් මට්ටමේ මානව හිමිකම් ක්‍රියාධරයන් හරහා යුක්තිය සෙවීම ඉදිරියට ගෙන ගිය බැසිල් ප්‍රනාන්දු නම් ශ්‍රී ලාංකික ශ්‍රීමතාණන් 2026 සැප්තැම්බර් 30 දින හොංකොං නුවරදී වසර…
-
හෝමාගම පොලිස් සිරමැදිරියේදී මියගිය ඉෂාරට පහර දුන් බවට තවත් සැකකරුවකුගෙන් හෙළිදරව්වක්!
හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී අභිරහස් අන්දමින් මියගිය ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයාට පොලිස් නිලධාරීන් පහරදී පසුව සිරමැදිරියට ගෙනැවිත් දැමූ බවට එම සිරමැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකු ප්‍රකාශ කර තිබේ. එම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත්තේ, ඉෂාර හර්ෂ කුමාර…
-
අස්වැසුම අභියාචනා භාරගැනීම ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 11 දක්වා!
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලබන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව, ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන…
-
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ පත් කෙරේ!
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ. නව සභාපතිවරයාට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්.…
-
වසර තුනකදී මෙරට මනුෂ්‍ය ඝාතන 1,664ක්; ළමයින් 48 දෙනකුත් ඝාතනයට ලක්වෙලා!
ඉකුත් වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන 1,664ක් වාර්තා වී ඇති අතර, එම ඝාතනවලට ගොදුරු වූවන් අතර ළමයින් 48 දෙනකු ද සිටින බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. පොලිස් කාර්යසාධන වාර්තාව 2025ට අනුව, 2023 වසරේදී මනුෂ්‍ය ඝාතන 573ක් ද, 2024 වසරේදී ඝාතන 555ක් ද, 2025 වසරේදී ඝාතන…
-
කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයෑම සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!
කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය සැකකරුවෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත පොලිස්…
-
වාහනය උසාවි දාන්නෙත් නෑ අයිතිකරුට දෙන්නෙත් නෑ!
තමන්ට අයත් වෑන් රථයක් දින 14ක් තිස්සේ තඹලගමුව පොලිසිය තුළ රඳවා තබාගෙන සිටියද, එය අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ නීත්‍යනුකූල හිමිකරු වන තමන් වෙත නැවත භාරදීමක් සිදු නොකිරීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ළහිරු බණ්ඩාර මහතා පවසයි. තඹලගමුව පොලිස් වසමේ පදිංචිකරුවකු වන ළහිරු…
-
PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ 09ක්!
ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (Protection of the State from Terrorism Act) සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9ක් ඉදිරිපත් කර තිබේ. එම කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ යෝජිත…
-
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි මාවත: ‘රයිට් ටු ලයිෆ්’ පර්යේෂණ දැක්ම ඔස්සේ විමසුමක්!
2002 අංක 24 දරන සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන වගන්තියට අනුව, අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු සුදුසුකම් ලැබූවන්ගේ නව නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම සහ ඒ සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා කැඳවීම සුබසාධක ප්රතිලාභ මණ්ඩලය (www.wbb.gov.lk) විසින් නිල…
-
බැසිල් ප්‍රනාන්දු: යුක්තිය, කරුණාව සහ මනුෂ්‍ය ගෞරවය වෙනුවෙන් ජීවිතයක්!
(මෙම මතක සටහන ලියන්නේ බැසිල් ප්‍රනාන්දු සමඟ දශක හතරකට ආසන්න කාලයක් මිත්‍රත්වයෙන් බැඳී, වසර ගණනාවක් ඔහු සමඟ සමීපව කටයුතු කළ සංජීව ලියනගේ විසිනි. ආසියානු මානව හිමිකම් කොමිසම සහ ආසියානු නීති සම්පත් මධ්‍යස්ථානය තුළ බැසිල් සමඟ වැඩ කළ බොහෝ සගයන්ගේ මතකය, ආදරය සහ ගෞරවයද මේ වදන් සමඟ…